කොහොමද යාළුවනි.
මේක මගෙ පලවෙනි post එක. අද අපි සමහර softwares install කරද්දි තියන options හරියට කියවල බලල කලේ නැත්තම් ගොඩක් වෙලාවට අපේ Browser එකේ Home Page එක වෙනස් වෙනවනේ.
ඉතින් මම අද දෙන්න යන්නෙ එහෙම Home Page එක වෙනස් වෙන්නෙ නැති වෙන්න හදන්න ක්‍රමයක්
හරිම ලේසියි.
මෙන්න මෙහෙම කරන්න
ඔයාල පාවිචිචි කරන Web Browser එකේ Shortcut එකක් desktop එකේ ඇතිනේ. එහෙම නැත්තමි ඩෙක්ස්ටොප් එකේ එකක් හදා ගන්න.
දැන් ඒ Shortcut එකේ Right Click කරල Properties යන්න.
එතකොට ලැබෙන Window එකේ Target: කියන එක ඉස්සරහ තියන පාත් එකට ("C:\blablabla " ) හානියක් නොකර space එකක් තියල ඔයාලට අවශ්‍ය Home Page එකේ URL එක type කරන්න.
Apply ක්ලික් කලා
Ok ක්ලික් කලා
දැන් වැඩේ හරි.
අපැහැදිලි තැන් තියනවනමි comment කරන්න. මම පින්තූර දාන්නම්. ගිහින් එනකම් සුභ දවසක්.
වැදගත්: Softwares inatall කරනකොට ඒ ගැන හොඳ අවධානෙකින් කරන්න. එතකොට මේ වගේ ගැටළු ඇතිවෙන් නෑ.